දේශීය

ඔසුසැලකින් කප්පම් ඉල්ලූ තිදෙනෙක් පොලිස් දැලේ

(UTV | මීගමුව) – දුරකථන ඇමතුම් ලබාදී ඔසුසැලකින් රුපියල් 25,000 ක කප්පම් ඉල්ලූ සැකකරුවන් තිදෙනෙකු මීගමුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කප්පම් මුදල ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර , සැකකරුවන් කදිරාන හා මීගමුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31 – 32 හා 42 යන වියේ පසුවන්නන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයාගෙන තිබේ.

සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සියලුම ගුරු – විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු

Mohamed Dilsad

රිෂාඩ් මන්ත්‍රීතුමාගේ මස්සිනාට නඩුවක් දැම්මා : බලද්දී කාන්තාව කන්‍යාවක් [VIDEO]

Mohamed Dilsad

රනිල් – කරූ අතර අද පස්වරුවේ හමුවක්

Mohamed Dilsad

Leave a Comment