කලාවිදෙස්

තවත් බොලිවුඩ් තරුවකගේ මවට සහ සහෝදරයාටත් කොරෝනා

(UTV| කොවිඩ් 19) –  ඉන්දීය ජ්‍යෙෂ්ඨ නළු අනුපම් ඛේර්ගේ මවට, සොහොයුරාට සහ නෑනාට මෙන්ම ඔවුන්ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

නමුත් අනුපම් ඛේර් ට වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකරන ලද PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් වන ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබුණි.

මීට අමතරව ඊයේ දිනයේදී ඉන්දීය සුරූපී නිළි ඵෙෂ්වර්යා රායි හා ඇගේ දියණිය වන ආරාධ්‍යා හටත් , පෙරේදා දිනයේදී අමිතාබ් බච්චන් හා ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හටත් කොරෝනා වෛරසය වැළදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කළේය.

Related posts

නෙහාරා පීරිස් – මේනක රාජපක්ෂගේ පුංචි කැදැල්ලේ සුරතලිය

Mohamed Dilsad

ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්

Editor O

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවයට

Mohamed Dilsad

Leave a Comment