(UTV | කොළඹ) – තැපැල් ඡන්දය සලකුණු කිරීමේ 5 වන දිනය අදයි.
අද දිනයේදීත් ආරක්ෂක අංශ ,පොලිසිය ,දිස්ත්රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල සේවක සේවිකාවන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව පවතියි.
අද දිනයේ සහ මීට පෙර දින 4 දී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයන්ට ලබන 20 සහ 21 දිනවලදී අදාළ දිස්ත්රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ඡන්දය භාවිත කල හැකි බව මැතිවරණ කොමිසම පවසයි.