දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පැය 9ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.

මෙහිදී කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදුවනු ඇත.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Related posts

රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් කරන චෝදනා ඇත්තද…?

Editor O

වරලත් විශ්වවිද්‍යාලයක් දියතලාවටත්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් ඉදිරි මැතිවරණවලට

Editor O

Leave a Comment