දේශීය

කොරෝනා කාලයේ මත්තල මෙහෙයුම් ඉහළට

(UTV |හම්බන්තොට) – කොරෝනා වෛරස හේතුවෙන් පසුගිය කාලය තුළ මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉහළ ගොස් තිබේ.

ගතවූ මාස දෙක තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් 50 කට වැඩි සංඛ්‍යාවක් එහි ක්‍රියාත්මක වී තිබේ.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සඳහන් කළ ආකාරයට විදෙස් රටවල සිට පුද්ගලයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී මෙන්ම නෞකා කාර්ය මණ්ඩල රැගෙන ඒමේදී මත්තල ගුවන් තොටුපල විශේෂයෙන් යොදාගැනුණු බවයි.

එසේම ජූනි 20 වනදා සිට ජූලි 31 වනදා දක්වා කාලය තුළ ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් විසි වතාවක් මත්තලට පැමිණ ඇත.

Related posts

කුඩු සුරංග අත්අඩංගුවට

Mohamed Dilsad

මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බෝම්බ පිපිරීමක් – සිව්දෙනෙක්ට බරපතලයි

Editor O

යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනයට

Mohamed Dilsad

Leave a Comment