දේශීයප්‍රමුඛ පුවත 3

විදුලිය බිඳවැටීම ගැන සොයා බැලීමට පත්කළ කමිටුව අද රැස්වේ

(UTV | කොළඹ) –  විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව අද (18) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත.

මේ සඳහා සොයාබැලීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි සත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඊයේ (17) පත් කෙරුණි.

මීට අදාළ කමිටු වාර්තාව සතියක් ඇතුළත ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා විසින් නියම කර ඇති බව වාර්තා වෙයි.

විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ දහවල් 12.30 සිට දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුවූ අතර , මේ හේතුවෙන් ජනතාවගේ දෛනික ක්‍රියාකාරක්මවලට දැඩි බාධා එල්ල විය.

Related posts

අයහපත් කාළගුණයෙන් 130,000 ක් දැඩි පීඩාවට

Mohamed Dilsad

ඇස්ප්‍රින් ඖෂධ කාණ්ඩ 2ක් භාවිතයෙන් ඉවතට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ඉවත් කරගන්නා ලෙසට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment