(UTV | කොළඹ) – පාතාල වෙඩික්කරුවෙකු ලෙස සැළකෙන “වැල්ලේ සාරංග” සහ තවත් සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්රයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කොළඹ අවට ගංජා බෙදාහැරීමෙහි චෝදනා ලැබුවන් බව ද පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් මෙරට සිට ඩුබායි දක්වා ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.