විදෙස්

බෙලරූස් ජනරජයට රුසියානු හමුදා යැවීමට සූදානමක්

(UTV | රුසියාව) – බෙලරූස් ජනරජයේ ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකචෙන්කෝ ට සහය වීම සඳහා හමුදා යැවීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කරයි.

මැතිවරණ ප්‍රතිඵල මුල් කරගෙන මේ වන විට පැනනැගී ඇති විරෝධතාවලට සාමකාමී විසඳුමක් ලැබෙනු ඇතැයිද ඔහු අපේක්ෂා පළ කර තිබේ.

පසුගිය අගෝස්තු 9 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා හට 80 % ක ජනප්‍රසාදයක් හිමිවූ අතර , මැතිවරණ ප්‍රතිඵල දූෂිත බවට විපක්ෂය චෝදනා කරයි.

ජනපති පුටින් ඊයේ ප්‍රකාශ කළේ බෙලරුස් රාජ්‍යය තුළ දැන් මතුවී ඇති තත්වය පාලනය කිරීම සඳහා දෙරට එක්ව ආරක්ෂක සංචිතයක් ඇති කළ යුතු බවයි.

අන්තවාදී කොටස් සීමාව ඉක්මවා ගියහොත් එය භාවිත කළ හැකි බව ද ඔහු අවධාරණය කළේය.

Related posts

චීන නැව අද කොළඹට

Mohamed Dilsad

ප්‍රභල භූ කම්පනයකින් පැපුවානිව්ගිනියාවට බලපෑම්

Mohamed Dilsad

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment