දේශීය

හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තවන් දෙදෙනෙකු අත්අඩංගුවේ

(UTV |කොළඹ) – හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පානදුර, නිව්ඩාව ප්‍රදේශයේදීය.

පානදුර පොලීසිය සිදුකළ වැටලීමකදී එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය භාරයට ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එකම පවුලේ සොහොයුරියන්ය.

ඔවුන් අවුරුදු 40, 55 යන වයසේ පසුවේ.

ඔවුන් ළඟ තිබී ජංගම දුරකථන 4 ක් සහ මුදල් තැන්පත් කරන ලද බව කියන බැංකු පොතක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

Related posts

අදත් සුළං සමඟ වැසි

Mohamed Dilsad

වැලි ඡාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබාදීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් දිව්රුම් දෙයි.

Editor O

Leave a Comment