දේශීය

මෙරටට පැමිණෙන විදෙස් නියෝජිතයින්ට අනිවාර්ය නිරෝධායන කාලයක්

(UTV | කොළඹ) – විවිධ ව්‍යාපෘති ඇතුළු කටයුතු සඳහා විදේශයන්හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට ලක් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම , මෙරටට පැමිණීමට පෙර මෙන්ම පැමිණීමෙන් පසුව ද ඔවුන් PCR පරීක්ෂණ සඳහා ලක්වීම අනිවාර්ය වෙයි.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වීම වැදගත් බව මේ පිළිබඳව අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.

Related posts

තලතා අතුකෝරළ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවු ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අපේ සහාය ගන්න වෙනවා – පලනි දිගම්බරම්

Editor O

Leave a Comment