දේශීය

කොට්ටාවේත් ආසාදිතයින් සිව් දෙනෙක්

(UTV |කොළඹ) – කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළ තාවකාලිකව වසා දමා තිබේ.

ඒ කොවිඩ් -19 පැතිරීමේ අවදානම හේතුවෙනි.

කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. තිලකරත්න මහතා සඳහන් කළේ අදාළ මාළු වෙළෙඳසැළේ පුද්ගලයින් සිව් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වූ බවයි.

එම රෝගීන් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා කළුතර පිඹුර රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ පුද්ගලයින් සමග සෘජු සබඳතා පැවැත්වු පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව ඩී.එම්. තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි

Mohamed Dilsad

දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ඉන්දීය තරඟාවලියෙන් ඉවතට – අසිත සංචිතයට

Editor O

ජවිපෙ බස්නාහිර පළාත් සභා (හිටපු) මන්ත්‍රී සමගි ජනබලවේගයට එකතු වෙයි.

Editor O

Leave a Comment