දේශීය

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන 270 ඉක්මවයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 270 ඉක්මවා ගොස් තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ රැඳවියන් 278 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවය.

ඒ අතරින් 107 දෙනෙකු කාන්තා රැඳවියන් වේ.

එමෙන්ම මේ වනවිට බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.

ඊයේ (13) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර පොලිස් නිලධාරින් 17 දෙනෙකු ද වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා නිවෙදනයෙක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නැහැ – කතානායක

Mohamed Dilsad

Leave a Comment