ව්‍යාපාරික

ආනයනය නතර කිරීමෙන් ජපාන වාහන ආනයනකරුවන් දැඩි අර්බුධයක

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තියත් සමඟ වාහන ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමඟ ජපානයේ වාහන අපනයනකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ජපානයේ වාහනකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ල මහතා කියා සිටියේය.

කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ සිය සංගමයේ එරට සිටින සාමාජිකයින් මෙරටට ආනයනය කිරීමට සූදානම් කර ඇති වාහන එරට වරායන් තුළ ගාල් කර ඇති බවයි.

මේ හේතුවෙන් ඔවුන් ගැටළු රැසකට මුහුණ දී ඇති අතර, පසුගිය මාර්තු මාසයට පෙර මෙරටට ආනයනය කිරිමට ඇනවුම් කර තිබූ වාහන පමණක් ගෙන්වීමට කටයුතු කරන ලෙස ද ජපානයේ වාහනකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ල එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉල්ලා සිටියේය.

 

 

 

Related posts

ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ඇතුළු නිෂ්පාදන සොයා වැටලීම්

Mohamed Dilsad

කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් ගිවිසුම්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රස්ථානයක් කිරීමට චීනය සුදානම්

Mohamed Dilsad

Leave a Comment