දේශීය

පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙයි

(UTV |කොළඹ) – ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (12) සිය ධුරයෙන් මෙන්ම පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වෙයි.

පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඔහුත් සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස දේශපාලනයේ නිරත වු තවත් කිහිපදෙනෙකු ද එම පක්ෂයෙන් ඉවත්ව තිබේ.

ඒ අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේ දී ය.

Related posts

ධම්මික මහතාගේ දේශීය කොරෝනා පැණියට ආයුර්වේද අනුමැතිය

Mohamed Dilsad

පානදුර වෙඩි තැබීමේ සැකකරුවන් සොයා STF ඇතුළු පොලිස් කණ්ඩායම් 5 ක්

Mohamed Dilsad

නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් වෛරසය යළිත් බෝවිය හැකියි – ජනපති

Mohamed Dilsad

Leave a Comment