විදෙස්

ඔලිම්පික් ජපානයෙන් ඇමරිකාවට ගෙන යෑමේ සූදානමක්

(UTV | ජපානය) – ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් වසංගතය හේතුවෙන් වසරක පමණ කල් දැමීමකින් පසු ලබන ජූලි 23 වනදා සිට ආරම්භ කිරීමට තීරණය විය.

කෙසේවෙතත් පවතින වාතාවරණය හමුවේ ජපානය තුළ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට සුදුසු තත්ත්වයක් නොමැති බවට සඳහන් වෙයි.

ටෝකියෝ නුවරින් තරගාවලිය ඉවත් කිරීමට මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අවධාරණය කරයි.

 

Related posts

ඉරාන පාර්ලිමේන්තුව තුළ වෙඩි තැබීමක්(වීඩියෝව)

Mohamed Dilsad

දකුණුදිග මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

ගොවීන්ට බලපාන නීති 3ක් අගමැති මෝදි අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment