දේශීය

ගම සමඟ පිලිසඳර ශක්තිමත් කිරීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 5 ක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 05 ක් ස්ථාපිත කර ඇත.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනපති කාර්ය සාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතික මට්ටමින් විසඳිය යුතු සංවර්ධන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම අදාළ අනුකමිටුවල වගකීම බවයි.

අදාළ ජාතික සංවර්ධන කමිටුව කෘෂිකාර්මික, ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් සහ මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන වශයෙන් 5 කට අයත්.

ඒ අනුව කෘෂිකාර්මික අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙකු ද, රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු ද කටයුතු කරනවා.

ජීවනෝපාය අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු කටයුතු කරන බවයි ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළේ.

යටිතල පහසුකම් අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 11 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු කටයුතු කරන අතර, සමාජ යටිතල පහසුකම් අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 5 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු කටයුතු කරනවා.

මීට අමතරව, මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු පත්කර ඇත.

 

Related posts

මත්ද්‍රව්‍ය ජාවටමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසා දමයි [RELEASE]

Mohamed Dilsad

කොවැක්ස් පළමු එන්නත් තොගය මේ මස 7 වනදා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment