ව්‍යාපාරික

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

(UTV | සෞදි අරාබිය) – ලොව විශාලතම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබියේ පිරිපහදු, ඩ්‍රෝන් ප්‍රහාරයකට ලක්වී දින කිහිපයක පසු ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඩොලර් 70 ඉක්ම වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 65 දක්වා ඉහළ ගියේය.

ඇමරිකානු තෙල් නිෂ්පාදනවල මිල මේ මාසය තුළ 12 % කින් ඉහළ ගොස් ඇති අතර, ගෝලීය බොරතෙල් මිල මේ වසරේදී 30 % කින් පමණ ඉහළ ගියා.

තෙල් මිල මේ වනවිට සටහන් වන්නේ වසර දෙකකින් ඉහළම අගයකයි.

 

Related posts

IMF පිළිබඳ තීරණය 03දා

Mohamed Dilsad

යූනියන් ඇෂුවරන්ස් නවතම ‘සිසුමග+’ අධ්‍යාපනික සුරක්ෂා සැලසුම හඳුන්වා දෙයි

Mohamed Dilsad

අමු කහ පරිභාජෝනයට ගන්න සුදුසු ආකාරයට සකස් කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment