ක්‍රීඩා

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

(UTV | ජපානය) – ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය අදින් ආරම්භ විය.   

ජපානයේ ෆුකුෂිමා නගරයෙන් එය ආරම්භ කිරීමට නියමිතව ඇත.

දින 121 ක් පුරා ජපානයේ කලාප 47 පුරාම ගිනි සිලුව ධාවනය කෙරෙන අතර ඒ සඳහා ධාවකයන් 10, 000 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.

2011 වසරේදී ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයේ සිදුවූ අනතුරෙන් විපතට පත්වූවන් අනුස්මරණයද අරමුණුකර ගනිමින් එම නගරයෙන් ගිනි සිලුව ධාවනය ආරම්භ කල බවයි ඔලිම්පික් තරග සංවිධායකයක් කියා සිටියේය.

 

Related posts

මෙසී, ප්‍රංශ පාපන්දු සමාජයකට එක් වෙයි

Mohamed Dilsad

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

උප නායකත්වයේ වගකීම දුන්නම මෙන්ඩිස් ටිකක් වෙනස් වෙයි – කුසල් ජනිත්

Mohamed Dilsad

Leave a Comment