ක්‍රීඩා

සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි

(UTV | එංගලන්තය) – යුරෝපියන් සුපර් ලීග් පාපන්දු තරඟාවලිය හා එක්වන බව පැවසු එංගලන්තයේ ප්‍රධාන පෙළේ පාපන්දු කණ්ඩායම් 6ම තමන් ඉන් ඉවත්වන බව පවසයි.   

ඒ බව පළමුවෙන් ප්‍රකාශයට පත්කළේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමයි. චෙල්සි කණ්ඩායම ද ඊට එක්වුණි.

මේ වනවිට ආ(ර්)සනල්, ලිවර්පූල්, මැන්චෙස්ටර් යුනයිටඩ් සහ ටෝටන්හැම් කණ්ඩායම් ද ඊට එක්වී තිබේ.

පාපන්දු ක්‍රීඩාව රැකගැනීමේ අභිප්‍රායෙන් තමන් “යුරෝපියන් සුපර් ලීග්” තරඟාවලිය සංවිධානය කරන බව ඊට එක්වූ යුරෝපයේ ප්‍රධාන පාපන්දු කණ්ඩායම් 12ක් පසුගිය ඉරිදා නිවේදනය කළේය.

නමුත් ඊට විවිධ පාර්ශ්ව වලින් එල්ලවූයේ දැඩි විරෝධයකි.

 

Related posts

ඉන්දියාව හමුවේ ජය ගත් ශ්‍රීී ලංකා ක්‍රිකට් පිලට ඩොලර් ලක්ෂයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් ප්‍රභූ ආරක්ෂාව ගැන අසන්ත ද මෙල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

බංගලාදේශයට ලකුණු 457 ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment