දේශීය

විශ්වවිද්‍යාල ආරම්භය කල්යයි

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය සති දෙකකින් කල්දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.   

අද (22) උදෑසන පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මීට පෙර අප්‍රේල් 27 වන අඟහරුවාදා සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට තීරණය කළ ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද උපදෙස් මත එම දිනය වෙනස් කිරීමට තීරණය කළ බවය.

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය මත අප්‍රේල් 27 වන දින සිට සති දෙකක් ගතවු පසු විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස සියලු උපකුලපතිවරුන්ට දැනුම්දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

පලාලි ගුවන්තොටුපල සංවර්ධනයට ඉන්දියාව සමඟ කඩිනමින් ගිවිසුම්

Mohamed Dilsad

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

පාසල් දරුවන්ට ELM ක්‍රමය : ගුරු සංගම් යළි කියයි

Mohamed Dilsad

Leave a Comment