ක්‍රීඩා

විරාට් කෝලිට IPL බළධාරීන්ගෙන් දඩයක්

(UTV | ඉන්දියාව) – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායක විරාට් කෝලිට IPL බළධාරීන් විසින් දඩ පනවා තිබේ.   

ඒ, මෙවර තරග වාරය යටතේ ඊයේ (25) පැවැති තරගාවලියේ 19 වන තරගයේ දී ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව නියමිත කාලය තුළ පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

මෙවර තරග වාරයේ දී RCB කණ්ඩායම විසින් මෙම වරද සිදු කළ පළමු අවස්ථාව මෙය වන බැවින් කෝලිට එරෙහිව ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ පැනවීමක් සිදු කළ බව IPL සංවිධායකයින් නිවේදනය කරයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 31 ක පමණ අගයක් වෙයි.

 

Related posts

ජාත්‍යන්තර තරඟ වල වටිනාකම ක්‍රීඩකයන් වටහා ගත යුතුයි – මාලිංග

Mohamed Dilsad

කුමාර් ධර්මසේන IPL ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment