දේශීය

චීනයේ ආරක්ෂක අමාත්‍ය අද දිවයිනට

(UTV | කොළඹ) – චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව ඇත.   

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන 29 වනදා දක්වා ඔහු මෙරට සංචාරයේ නිරත වන බවයි.

මෙරටට පැමිණෙන චීන ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන අතර කලාපයේ ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

Related posts

විදේශයන්වල සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 462 ක් දිවයිනට

Mohamed Dilsad

ගුවන් අනතුර ගැන රස පරීක්ෂණය සිදු කරයි

Mohamed Dilsad

වැඩබලන ජනාධිපතිවරයා පොහොට්ටුවේ සහයෝගය අහිමිවීමෙන් අසරණ වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

Editor O

Leave a Comment