දේශීය

විදෙස්ගතව සිට පැමිණෙන්නන් සියල්ලන්ට දින 14 ක නිරෝධායන කාලසීමාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලාංකිකයන්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, විදේශිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම විදේශීය සංචාරකයින් සඳහා දින 14 ක නිරෝධායන කාල සීමාවක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.   

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නියමයක දැක්වෙන්නේ විදෙස්ගතව සිට පැමිණෙන සියලූ ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, විදේශිකයන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඊට යටත් වන බවයි.

වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන් රටට පැමිණි පළමු දිනයේදී PCR පරීක්ෂණයකට යොමුවීම අනිවාර්ය වෙයි.

එමෙන්ම දින 11 – 14 ත් අතර කාලයේදී ඔවුන් දෙවන PCR පරීක්ෂණයට යොමු විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කල නිවේදනයේ දක්වා ඇත.

එහිදී සෘණාත්මක PCR පරීක්ෂණයක් ප්‍රථිඵලයක් ලැබුණහොත් පමණක් ඔවුන් නිරෝධායනයෙන් මුදා හැරිය යුතු බව එහි සඳහන් වෙයි.

මෙම නියමයන් ලබන 31 වනදා දක්වා බලාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.

Related posts

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂගෙන් සහතිකයක්

Mohamed Dilsad

මාර්තු මුල් සතියේ සිට ස්ථාන 4000 ක් තුළ කොරෝනා එන්නත්කරණය

Mohamed Dilsad

බේකරි හිමියන්ගෙන් වැඩබලන පොලිස්පතිට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment