දේශීය

නීතිවිරෝධීව ගෙන ආ ඔක්සිමීටර් තොගයක්

(UTV | කොළඹ) – නීතිවිරෝධීව මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබූ ඔක්සිමීටර් තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකන් කාගෝ ආයතනයේ නිලධාරීන්ට භාණ්ඩ නිෂ්කාසන අංශයේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන ඇත.

පසුව රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් පිටවීමේ දොරටුවේ දී මෙම භාණ්ඩ තොගය පරීක්ෂා කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර නොමැති බවත් ඊට අදාළ ආනයන බදු ගෙවා නොමැති බවත්ය.

ඒ අනුව අදාළ භාණ්ඩ තොගය පරීක්ෂා කිරීමේ දී එහි තිබී පෙට්ටි 21ක අසුරන ලද ඔක්සිමීටර් 4,200 ක තොගයක් සොයා ගෙන තිබේ.

මෙම ඔක්සිමීටර් තොගයේ වටිනාකම රු. 2,344,642කි.

සැකකරු ඊයේ (07) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මෙරට හමුදාවට අභිමානයක් ගෙන ආ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න

Mohamed Dilsad

අප්‍රේල් වැටුප ගෙවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

නාම යෝජනා ලබානොදීමට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අශේන් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Editor O

Leave a Comment