විදෙස්

ඇමරිකාව නොවැම්බරයේ සිට විදෙස් සංචාරකයින්ට විවෘතයි

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් වසර එක හමාරකට අධික කාලයක් පැවති සීමාවන් ඉවත් කරමින් නොවැම්බරයේ සිට විදෙස් සංචාරකයින්ට සිය රටට ඇතුළු වීමට අවසර ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක්සත් රාජධානිය, යුරෝපය සහ අනෙකුත් රටවල සංචාරකයින්ට ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීමට හැකි වනු ඇති.

අමෙරිකානු සංචාරක සීමාවන් පසුගිය වසර මුල දී චීනය සඳහා පමණක් ක්‍රියාත්මක වූ අතර, පසු ව එය අනෙකුත් රටවල් සඳහා ද දීර්ඝ කෙරුණා.

අදාළ සීමාවන් ලබන මාසයේ සිට ඉවත් කිරීමෙන් අනතුරු ව පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයින්ට අමෙරිකාවට පැමිණීමට හැකි වනවා.

එමෙන්ම ඔවුන් එහි පැමිණීමට දින 03ක් ඇතුළත කොරෝනා ආසාදිතයෙකු නො වන බව තහවුරු කළ යුතුයි.

අමෙරිකාව මෙලෙස විදෙස් සංචාරකයින්ට රට විවෘත කරද් දී ඔවුන් ලබා සිටිය යුතු එන්නත් පිළිබඳ ව මෙතෙක් නිශ්චිත තීරණයකට එළැඹී නැහැ.

එය සී.ඩී.සී. හෙවත් අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය මඟින් තීරණය කරනු ඇති බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ.

Related posts

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි දිවියෙන් සමුගනී

Mohamed Dilsad

ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට මහජන නියෝජිත මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

කොරෝනා මැඩලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව සීමාවන්

Mohamed Dilsad

Leave a Comment