දේශීය

එළිමහන් සංගීත ප්‍රසංගවලටත් අවසර

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසර ලබා දී තිබේ. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය මාර්ග උපදේශවලට මෙම සංගීත ප්‍රසංග සංවිධානය කළ යුතු වෙයි. ඒ සඳහා කාල රාමුද නිකුත් කර තිබේ. මේ අනුව සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල රාත්‍රී 10.00 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාත්, ඉරිදා දිනයේ රාත්‍රී 12. 30 දක්වාත් එසේ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව ලැබී තිබේ.

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳවැටීම් 12,000 අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

ආසාදිතයන් කඩිනමින් සොයාගැනෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරට සිදුකිරීමට අවසර

Mohamed Dilsad

යුද හමුදාපති වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment