දේශීය

අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශවලින් විශේෂ ජංගම සේවාවක්

(UTV | කොළඹ) – අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදුකරන සේවාවන් මහජනතාවට සමීප කරවීම සඳහා විශේෂ ජංගම සේවාවක් ආරම්භ කර තිබෙනවා.

එය සියලු පළාත් ආවරණය වන පරිදි සිදුකිරීම සැලසුමයි.

උතුර පළාත මූලික කරගනිමින් එම කටයුතු ජනවාරි 28 ආරම්භ වන අතර, මෙහිදී පොදු ජනතාවට බලපාන නීති පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙන්ම සංහිඳියාව පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීමද සිදුවනවා.

මත්ද්‍රව්‍ය භාවිත ගැටළු සහ ඉඩම් ගැටළු සම්බන්ධයෙන්ද ජංගම සේවාව මගින් පහසුකම් සැපයෙන අතර, රැකියා ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම්ද ඊට ඇතුළත් වීම විශේෂත්වයක්.

Related posts

මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ “කුඩු සඳා” අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment