දේශීය

ආසන වෙන් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවතට

(UTV | කොළඹ) – ඉදිරි දින වෙනුවෙන් කලින් ආසන වෙන් කිරීමේ කාර්යයන් අද (12) දින සිට සිදු නොකරන බව, දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව, දෛනිකව ධාවනය වන දුම්රිය සඳහා පමණක් ආසන වෙන් කිරීමේ කටයුතු සිදුකරන බවයි, එම සංගමය නිවේදනය කළේ.

දුර ගමන් සේවා දුම්රිය ධාවනය නිසි ලෙස ආරම්භ කිරීමට බලධාරින් අපොහොසත් වීම හමුවේ දුම්රිය මගින් පත්වන අපහසුතාවය සලකා බලා මෙම තීරණයට එළඹි බව, දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විනාඩි 2කට නිහඩ වෙයි

Mohamed Dilsad

Leave a Comment