දේශීය

ප්‍රතිකාර හා පුනරුත්ථාපන පනත සංශෝධනයට අනුමැතිය

(UTV | කොළඹ) – ප්‍රතිකාර හා පුනරුත්ථාපන පිළිබඳ පනත සංශෝධනය කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

මත් ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සදහා වන විධිවිධාන, 2007 අංක 54 දරණ ප්‍රතිකාර පුනරුත්ථාපන පිළිබඳ පනතේ ඇතුළත් වනවා.

එහි පවතින විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් වන පරිදි සංශෝධනය කළ යුතු බවටයි, හදුනාගෙන තිබෙන්නේ.

ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීතිකෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කළා.

එහිදී, ඉදිරිපත් කරන ලද එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවට, කැබිනට් තීරණ වල සදහන්.

Related posts

පාසල්, හෙට  (24) දින සුපුරුදු පරිදි පැවැත්වෙනවා. – අධ්‍යාපන අමාත්‍යාංශය

Editor O

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 62,500 ඉක්මවයි

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment