දේශීය

“දැන් ඇති” දැවැන්ත ජන රැළිය අද කොළඹදී

(UTV | කොළඹ) – ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය විසින් සංවිධාන කරන දැන් ඇති දැවැන්ත ජන රැළිය අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතයි.

අද පස්වරු 02 ට කොල්ලුපිටිය මංසන්දියෙන් මෙම විරෝධතාව ආරම්භ කිරීම සදහා කටයුතු සියල්ල සූදානම් බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ.

මෙම රැළිය හුදෙක් සමගි ජනබලවේගයේ රැළියක් පමණක් නොවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

රජයේ ක්‍රියාකලාපය හමුවේ පීඩාවට පත්ව සිටින රටේ සියල්ලන්ට ඊට සහභාගී වන ලෙසට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඇරයුම් කළා.

Related posts

‘ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීන සහය දෙනවා’

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment