ක්‍රීඩා

ICC ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම් අද සිට

(UTV | කොළඹ) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම් අදින් ආරම්භ වනවා.

එය අප්‍රේල් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊට සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

මෙම රැස්වීම් ඩුබායිහි දී පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට අමතරව මෙම රැස්වීම්වලට සහභාගිවීම සඳහා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද සහභාගී වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Related posts

ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි?

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්

Mohamed Dilsad

පාකිස්ථානය ටෙස්ට් සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment