දේශීය

දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන

(UTV | කොළඹ) – අවුරුදු සමයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිසම සඳහන් කලේ ඒ සඳහා ලංගම ඩිපෝ 05 ක් ඔස්සේ මේ වනවිට ඉන්ධන ලබාදීම සිදුකෙරෙන බවයි.

මේ අතර මෙම මාසය තුළදී ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ , ඒ යටතේ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට ද අපේක්ෂා කරන බවයි.

මේ දිනවල ඉන්ධන පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළා.

Related posts

“EPF එක අධිභාර බද්දෙන් ඉවත්කරන්නැයි අද දැනුම් දෙනවා”

Mohamed Dilsad

කොල්ලුපිටියේ පර්චස් 103 ක, වටිනා ඉඩමක් 99 අවුරුදු බද්දකට ආයෝජකයෙක්ට….!

Editor O

රට අරින්න ගත්තු තීරණේ එක්ක ගත්තු අනිත් තීරණ

Mohamed Dilsad

Leave a Comment