දේශීය

සිමෙන්ති මිල යළිත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් පවසනවා.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙළඳපොළේ රුපියල් 2,300 – 2,350 මිලකට අළෙවි කරන අතර, නව සිමෙන්ති මිල රුපියල් 500 – 600 කින් වැඩි කිරිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බවයි සිමෙන්ති අලෙවි නියෝජිතයන් පැවසුවේ.

සිමෙන්ති මිල ඉහළ යාමත් සමග ඉල්ලුම අඩුවි ඇති බවත්, අලුතින් ගොඩනැගිලි ඉදි කිරිම් කටයුතු සිදු කිරිමද නතර කර ඇති නිසා සිමෙන්ති තොග වෙළඳසැල්වල රැස් නොකරන බවයි හැටන් ප්‍රදේශයේ සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

Related posts

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 ක් හඳුනා ගැනේ

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 5 ක් සුව අතට

Mohamed Dilsad

අද සිට රජය විසින් එළවළු තොඟ මිළදී ගැනීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment