දේශීය

විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

(UTV | කොළඹ) – විදුලිබල මණ්ඩලයට මාසිකව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති පුනර්ජනනීය ව්‍යාපෘති වෙනුවෙන් අනුමැතිය ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පුනර්ජනනීය බලශක්ති අධිකාරියට දැනුම් දී තිබෙනවා.

අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයට පැමිණ එහි නිලධාරීන් සමග ඊයේ විශේෂ හමුවක් පවත්වා මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

පවතින විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට, අඛණ්ඩව විදුලිය ලබාදීමට සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවන් ඉවත් කර ගැනීම පිළිබදව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා.

Related posts

නායකත්වය ගැන හෙට එජාප විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ආපදා සහන සේවාවලදී, ආණ්ඩුවේ දේශපාලකයින්ගෙන්, ග්‍රාම නිලධාරීන්ට බලපෑම්

Editor O

අධිවේගී මාර්ග සේවා පෙදෙස බදුදීම ගැන බිමල්ගේ ප්‍රකාශයට නාමල්ගෙන් ටොක්කක්

Editor O

Leave a Comment