දේශීය

දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට අද සිට ඉන්ධන

(UTV | කොළඹ) – දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය සේවකයින් ඔවුන් සේවය කරන රෝහල් පරිපාලනය හරහා ලියාපදිංචි විය යුතු බවයි.

එලෙස ලියාපදිංචි වූ සෞඛ්‍ය සේවකයින්ට පමණක් අද සිට සෑම සිකුරාදා දිනයකදීම ඉන්ධන සැපයෙනු ඇති.

තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 74 ක් හරහා මෙලෙස ඉන්ධන ලබාදීම සිදුවනවා.

Related posts

කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම්

Editor O

ඊයේ දිනයේදී මෙරට තුළ පීසීආර් පරීක්ෂණ 3,044 ක්

Mohamed Dilsad

කුවේටයේදී එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයාගේ දේහය බෙදාගන්න කාන්තාවන් තිදෙනෙක්

Mohamed Dilsad

Leave a Comment