දේශීය

ඉන්ධන මිල බැස්සුවොත් ආහාර මිලත් බස්සනවා

(UTV | කොළඹ) –  ඉන්ධන මිල අඩු කළ හොත් ආපනශාලාවල ආහාර පානවල මිල සියයට විස්සකින් අඩු කරන බවත් ගෑස් සැපයීම ඉතා සක්රීයව සිදු කෙරෙන නිසා වසා දමා තිබූ ආපනශාලාවලින් බොහෝමයක්ම මේ වනවිට විවෘත කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.

ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩුවේනම් සිය ආපනශාලාවල ආහාර මිල සියයට විස්සකින් අඩු කරන බවද අසේල මහතා කීවේය. ඒ අනුව ප්ලේන්ටියේ සිට රයිස් ,කොත්තු මිලද අඩුවෙන බව අසේල මහතා මෙහිදි වැඩි දුරටත් පැවසීය.

Related posts

ලංකාවේ තේ මිල ගණන් වාර්තාගත ලෙස ඉහළට

Mohamed Dilsad

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපය ඇදිරි නීතිය දික් කෙරේ[RELEASE]

Mohamed Dilsad

සූර්යය පැනල සවිකරගත් නිවාස හිමියන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි අවධානමකට ලක් කරන තීරණයක් ආණ්ඩුවෙන් ගනී

Editor O

Leave a Comment