ක්‍රීඩා

CWG 2022 : ලෝකඩ පදක්කම්ලාභිනී නෙත්මි දිවයිනට

(UTV | කොළඹ) – එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්රැම් 57 බර පංතිය යටතේ මල්ලවපොර ක්‍රීඩාව සදහා තරග වැදී , එයින් ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා නෙත්මි අහිංසා පෝරුතොට අද අලුයම ගුවන් තොටුපළ වෙත පැමිණියාය .

ඇය (08) දින අලුයම 03.50 ට අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .

ඇය කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමකට ලක් කළ අතර , එම අවස්ථාවට ඇයගේ පියා , මව , නැගණිය ඇතුළු පවුලේ ඥාතී මිත්‍රාදීන් , ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ.

Related posts

පාසල් ක්‍රීඩකයෙකු එක් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් වේ

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා හිටපු නායක ටිම් පේන් ක්‍රිකට් සියලුම අංශවලින් සමුගනී

Mohamed Dilsad

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Mohamed Dilsad

Leave a Comment