දේශීය

අනිද්දා සිට සුපුරුදු පරිදි රාජ්‍ය ආයතනවල වැඩ ඇරඹේ

(UTV | කොළඹ) – රජයේ ආයතන සඳහා සේවකයන් කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ජුනි 17 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය හෙට (24) දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අනිද්දා (25) සිට සියලුම කාර්ය මණ්ඩල කැඳවා රජයේ ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න පැවසීය.

මේ වනවිට ඉන්ධන බෙදීම යථාවත් කෙරෙමින් පවතින අතර, ඉදිරි දිනවලදී පොදු ප්‍රවාහන සේවාවන් ද යථා තත්ත්වයට පත් විය හැකි බැවින් මෙලෙස රජයේ ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පසුගියදා චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා තිබිණි.

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි – ප්‍රදේශ කීපයකට තද අව්ව

Mohamed Dilsad

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

කොවිඩ් හේතුවෙන් බදුල්ල රෝහලේ පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment