(UTV | කොළඹ) – අද (30) දිනයේ සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා දිනකට පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන අතර එම කලාපවල රාත්රී කාලයේදී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.