දේශීය

දමිතා අබේරත්න ඇප මත මුදා හරී

(UTV | කොළඹ) – රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් මතයි.

ඉකුත් ජුලි මස 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වෙමින් මෙම සැකකාරිය වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය අබේරත්න මහත්මිය අධිකරණය ඉදිරිපත් කළේය.

ඒ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීමේ සිද්ධියට අදාළව ඇප මත සිටිමින් මෙම වරද සිදු කර ඇප පනතේ 14( 3) වගන්තිය උල්ලංඝනය උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් ය.

Related posts

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් නිමයි

Mohamed Dilsad

හෙට සිට රාජ්‍ය ආයතන වලට කැඳවියයුතු ප්‍රමාණය ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

හෙට සුරාසැල් ඇරලා

Mohamed Dilsad

Leave a Comment