දේශීය

පැය 12ක් වතුර කපන ප්‍රදේශ මෙන්න

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අද රාත්‍රී 10.00 සිට හෙට (16) පෙරවරු 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශ සඳහා අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ කටයුතුක්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

සංචාරක හා ගුවන් සේවා පැමිණිලි සදහා විශේෂ ඒකකයක්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම ගැන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් ප්‍රකාශයක්

Editor O

ඡන්ද ලක්ෂ 42කට අදාළව නිකුත් කළ ප්‍රතිඵළවලින් ලක්ෂ 14ක් ලබාගෙන අනුර දැනට ඉදිරියෙන්

Editor O

Leave a Comment