ක්‍රීඩා

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට තවමත් ශ්‍රී ලංකාවට අවස්ථාව

(UTV | කොළඹ) – 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් අවස්ථාව ලැබී තිබෙනවා.

ඇෆ්ඝනිස්තානය සමග පැවැති අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ කඩුලු 4 ක වාර්තාගත ජයත් සමඟින් ශ්‍රී ලංකාවට තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයත් සමඟ ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර ප්‍රසාද ලකුණු 77 ක් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ තවත් තරග 3 ක් පමණක් වන අතර එම තරග 3 නවසීලන්තයේ දී නවසීලන්තයට එරෙහිව මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති තරග තුනෙන් තරග 2ක් ජය ගතහොත් ඔවුන්ට 8 වැනි ස්ථානයේ මේ වන විට රැදී සිටින කොදෙව් කණ්ඩායම අභිබවා යාමේ අවස්ථාව උදාවන අතර සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වන කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි

Related posts

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු

Editor O

PCL තරඟාවලිය අතරතුර තවත් තිදෙනෙකුට කොරෝනා

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් රසල්ව ගෙදර යවයි – රසල්ගෙනුත් ප්‍රතිචාරයක්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment