දේශීය

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ඩිස්කෝ STF අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා නොහොත් “ඩිස්කෝ” නැමති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

42 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ නිවස පරීක්ෂා කිරීමේ දී තියුණු ආයුධ 4ක් සහ ඇය සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 14ක් සොයාගෙන ඇත.

 

සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදෙස්ගතව ප්‍රංශයේ ජීවත්වන “රූබන්” නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ ඍජු සබඳතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල ලබාදෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

 

විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින මෝදර, පන්සල පාර, කොළඹ 15 යන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වන්න – උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු

Editor O

ජැනට් යෙලන් ලංකාව ගැන කතාකරයි

Mohamed Dilsad

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment