දේශීය

වැරදි වැඩක් කළ නීතිඥවරයාගේ වෘත්තීය අහිමිකෙරේ

වෘත්තීය විෂමාචාර චෝදනාවලට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥභාවය ඉවත්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

 

විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.

 

ඉඩම් ගනුදෙනුවකට අදාළ ඔප්පු කටයුත්තකදී එම නීතිඥවරයා නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකළ බවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

 

ඒ අනුව අදාළ නීතිඥවරයාගේ නම නීතිඥ නාමලේඛනයෙන් ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේය.

Related posts

යුක්තියට ඔත්තුවක් දෙන්න | සල්ලි වැස්සක තෙමෙන්න

Mohamed Dilsad

නාවික හමුදාපති “අද්මිරාල්” ධුරයට උසස් කරයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන්ට මිලේච්ඡයන්ට මහමොලකරුවන්ට නීතිය හමුවේ දියහැකි උපරිම දඬුවම දෙනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment