දේශීය

මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිට මහවැලි ගඟ හරහා පළා යමින් සිටිය දී ගඟට වැටී දියේ ගිලී අතුරුදන්වූ රැඳවියාගේ සිරුර හමුව ති‌බේ.

 

පල්ලෙකැලේ පොලීසිය හා නාවික හමුදාවේ සහාය ඇතිව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව එම සිරුර හමුව ඇති බව පොලීසිය පැවසීය.

 

එසේ දියේ ගිලී මියගිය රැඳවියා 34 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

 

ඊයේ (25) අදාළ රැඳවියා සිර කඳවුරෙන් පළා ගොස් ඇති අතර, පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේ දී මහවැලි ගඟට පැන තිබුණි.

Related posts

අද දිනයේ නව ආසාදිතයින් 260ක්

Mohamed Dilsad

නිවසේ තනිව සිටි කාන්තාව අභිරහස් ලෙස මරුට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

Leave a Comment