දේශීය

වන්දනාවේ යමින් සිටි තිරික්කල පෙළට බස් රථයක් කඩාවදී

බස් රථයක් තිරික්කල 05ක ගැටීමෙන් අද (07) දහවල් අනතුරක් සිදුවී තිබේ.

 

තන්තිරිමලේ වැව් බැම්ම මතදී අනතුර සිදුවී ඇත.

 

මන්නාරම සිට පුත්තලම ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගීවීමට යමින් සිටි පුද්ගලයින් පිරිසක් රැගත් බස් රථයක්, මඩු වන්දනාවේ යමින් තිබූ තිරික්කල් 05ක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

 

අනතුරින් තිරික්කලවල ගමන් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.

 

පොලීසිය සඳහන් කළේ ගවයින් 04 දෙනෙකුට ද අනතුරින් තුවාල සිදුවී ඇති බවය.

 

බස් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.

 

 

Related posts

වස්ගමුව ජාතික උද්‍යානය අද සිට යළිත් විවෘතයි

Mohamed Dilsad

බන්ධනාගාර වල ආරක්ෂාවට හමුදා විශ්‍රාමික බල ඇණියක්

Mohamed Dilsad

තිරිඟු පිටි මිල රුපියල් 40 කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment