දේශීය

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කළේය.

 

අද පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කථානායකගෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

නාඩු සහල් ගෙන්වන මුවාවෙන්, බාස්මතී, මුං ඇට, උඳු ගෙන්වලා – ජාවාරමක් ගැන හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් හෙළිදරව්වක්

Editor O

ශ්‍රී ලංකාවේ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව මැදිහත් වෙයි

Mohamed Dilsad

Leave a Comment