දේශීය

ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කෙරේ

කොළඹ කොටුව, ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරුවෙකු විසින් ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසයි.

 

ඊයේ (05) රාත්‍රියේ පිහියකින් ඇන එම ඝාතනය සිදුකර තිබුණි.

 

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ අජේ කුමාර් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.

 

සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර පෙරේදා රාත්‍රියේ අවන්හල තුළ බහින්බස්වීමක් ඇතිවී තිබෙන අතර එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව වාර්තා වෙයි.

Related posts

ඇමැතිවරු 80ක් පමණ, සැප්තැම්බර් 21 වැනිදා රටින් පිටවීමට වීසා ලෑස්තිකරගෙන – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Editor O

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘත වෙන දිනය

Mohamed Dilsad

ඉන්දියානු සාගරයේ භූ චලනයක්

Mohamed Dilsad

Leave a Comment