විදෙස්

ප්‍රංශ තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

නයිජර්හි සිටින ප්‍රංශ පුරවැසියන් කඩිනමින් ඉවත් කරගන්නා බව එරට ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.

 

ඒ අනුව ගුවන් මඟින් ඔවුන් ප්‍රංශය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බව ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළේය.

 

නයිජර්හි පැවති විරෝධතා අතර තුර පසුගියදා ජනාධිපති මොහොමඩ් බසුම්ගේ පාලනයෙන් එරට බලය අත්පත් කර ගැනීමට නයිජර් ආරක්ෂක අංශ කටයුතු කළේය.

 

එහෙත් මේ වන විටත් නයිජර්හි විරෝධතා උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

 

Related posts

අල්කයිඩා නායකයාව ඝාතනය කෙරේ

Mohamed Dilsad

ග්‍රීන් කාඩ් අත්හිටුවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

Mohamed Dilsad

ට්විටර් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අඛණ්ඩවම

Mohamed Dilsad

Leave a Comment