දේශීය

පිහි ඇනුමකින් පුද්ගලයෙක් මරුට

බොරලැස්ගමුව වේරහැර බෝධිරාජපුරදී ඊයේ (08) රාත්‍රියේ පිහි ඇනුමක් සිදුකර තිබුණි.

 

ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් තවත් පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර ඇති බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

 

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි ප්‍රියරන්ජන ප්‍රනාන්දු නමැති 43 හැවිරිදි තිදරු පියෙකි.

 

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ රාත්‍රියේ ඔහු පදිංචි නිවසට මදක් ඈතින් වූ බෝධිරාජපුර මාර්ගයේ රැඳී සිට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටියදී සැකකාර ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයට පැමිණ ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව පිහියකින් ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

තුවාල ලද පුද්ගලයාව ඥාතීන් විසින් කලුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය 02කට පමණ පසු ඔහු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

ඝාතනයට ලක්වූ පුද්ගලයා සැකකාර පුද්ගලයාගේ බිරිඳ සමග පැවැත්වූ අනියම් සබඳතාවයක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සැකකරයි.

 

සැකකරු අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

රජයෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

බිත්ති හිල් කර මත්පැන් හොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවලවලට යුධ හමුදාපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment